Poronduwak meka mage image


මා ඉන්නම් ඈතකින් නොගැටී ඔය ඇස් දෙකේ

හැමදාමත් ආදරේ සගවා හිතේ

හිමිවීමක් නෑ ඉතින් ලං වූවට ඒ වගේ

කවදාවත් ඉටු නොවේ පැතුමන් අපේ

අහඹුවක් නොවේ වුවත් මුණගැහීම මේ

අරන් යන්න බෑ දුරක් ඇසුර තව අපේ


පොරොන්දුවක් මේක මගේ වෙනස් නොවන කිසිදාක

දුරස් වුනත් ඔබට හිතේ තියෙවි ඉඩ හැමදාක


මුළු රෑ පුරා නින්දෙන් මා මුදා

ඒ මතකයන් හැමදා සිහිවෙලා

හිත පෑරුවත් කොතරම් විද දරා

ඉන්නම් ඉතින් නෑවිත් යලි සදා

අහඹුවක් නොවේ වුවත් මුණගැහීම මේ

අරන් යන්න බෑ දුරක් ඇසුර තව අපේ


පොරොන්දුවක් මේක මගේ වෙනස් නොවන කිසිදාක

දුරස් වුනත් ඔබට හිතේ තියෙවි ඉඩ හැමදාක


හුරුකම් නිසා සසරේ පෙර එදා

බැදුනත් ඉතින් නොදැනී නොසිතලා

හැර යන්නේ නෑ කීවත් දිවුරලා

අපි මේ භවේ අපගෙන් ගිලිහිලා

අහඹුවක් නොවේ වුවත් මුණගැහීම මේ

අරන් යන්න බෑ දුරක් ඇසුර තව අපේ


පොරොන්දුවක් මේක මගේ වෙනස් නොවන කිසිදාක

දුරස් වුනත් ඔබට හිතේ තියෙවි ඉඩ හැමදාක


ගායනය- මනේජ් සංජය


❤️❤️❤️