Randu kekka image



ඉස්මතු වෙන්නෙ ඔයා ගැනයි තාම හිත පතුලේ 

විස්තර හෙව්වේ පුරුද්දටයි ඒක වරද මගේ

සම්බන්දේ අපි අතරේ නැතුවත් යලි ඇරඹෙන්නේ

අමතක වෙන්නැති අතීතේ මට විතරද වද දෙන්නේ



රණ්ඩු කෙක්ක මාත් එක්ක

හේතු හොය හොය පැටලිච්ච

කාලෙ රැක්ක පෙමත් එක්ක

හීන අඩනවා පැරදිච්ච



හැමදමත් මහ රෑ - මා ඇහැරූ ඇමතුමක්

ඒ කාලේ ලැබුණා - හිත පුරවා සැනසුමක්

නොහිතූ තැනක තියා - හැමදේටම නැවතුමක්

ඔබ ඇයි ගියේ කියා - තව මට නෑ තේරුමක්



යන්නට හිතුන නිසා - නැති වරදක් පැවරුවත්

ඔය හිත රවට්ටනා - එක වෙන් නෑ පහසුවක්

කිව්වට නෙවෙයි කියා - මා ඔබගේ කව්රුවත්

දන්නෝ දනී ඉතින් - එය නම් මහ රැවටුමක්

 

ගායනය:ඕෂධ  ආකාෂ්

සංගීතය:හෂාන් තිළිණ 

පද රචනය: ප්‍රසන්න කුමර ධම්මලගේ